(යොහාන් භාසුර)
වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මණින් වී සඳහා සාධාරණ මිලක් ඉදිරිපත් කළ යුතු බවත් ගොවි සංවිධාන පවසයි.
වීවලට සාධාරණ මිලක් නොදුන හොත් ගෝඨාභය මහත්මයාගේ කාලයේ මෙන් හතු පිපෙනවා මෙන් පාරවල්වල ජනතාව පිරෙනු ඇති බවත් එදාට ආණ්ඩුවට පොලියත් සමඟ උත්තර දීමට සිදුවනු ඇති බවත් ගොවි සංවිධානය සඳහන් කළේය.
නැගෙනහිර සහ උතුරු මැද පළාතේ බොහෝ ස්ථානවල මහ කන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර පෞද්ගලික ව්‍යාපාරිකයන් වී කිලෝවක් රුපියල් 95 ට 100 ට මිලදී ගනිමින් සිටින බවත් එම මිලට වී අළෙවි කිරීමෙන් ගෙවීන්ට වියදම හෝ ආවරණය කරගැනීමේ හැකියාව නොමැති බවත් ගොවි සංවිධාන සඳහන් කරයි.
පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලයට වී මිලදී ගැනිමෛන් පසුව ආණ්ඩුව වී සඳහා සහතික මිලක් පැනවීමෙන් ඵලක් නොමැති බව කියන ගොවි සංවිධාන ඒ සඳහා ආණ්ඩුව මීට වඩා කාර්යක්‍ෂම වියයුතු බව ද සඳහන් කරයි.
ගොවි අරගල ව්‍යාපාරයේ දිස්ත්‍රික් සංවිධායක පී. කේ. ඩී. විජේරත්න මහතා පැවසුවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් ගොවීන් ළගට ගොස් වී තුට්ටු දෙකට ගනිමින් සිටින බවත් අඩු මුලි වී ගත්ත ද ඔවුන් හාල් කිලෝවක් රුපියල් 230 ට අළෙවි නොකරන බවත්ය.
වී කිලෝවක මිල කඩිනමින් තී්රණය කළ යුතු බවත් අවම වශයෙන් වී තිලෝවක මිල රුපියල් 120 ක ඉක්මවිය යුතු බව කී විජේරත්න මහතා එවැනි මිලක් ලැබුණොත් පමණක් ගොවියාට සාධාරණයක් වන බව ද කීය.
පෞද්ගලික ව්‍යාපාරිකයන් වී මිලදීගත් පසු ආණ්ඩුව වී මිල තීරණය කළ හොත් ඉන් ඵලක් නොවන බව ද පී. කේ. ඩී. විජේරත්න මහතා සඳහන් කළේය.
අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා පැවුසවේ වී කිලෝවකට රුපියල් 140 ක් ඉල්ලා සිටීම අසාධාරණ යැයි ගෙවීන්ට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරමින් සිටි වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති බවත් ඔහු ගොවියාගේ දායකත්වය ප්‍රශ්න කිීමට ගැටලුසහගත බවත්ය.
නාමල් සහෝදරයා ඇමති තනතුර ගැනීමට පෙර ගොවියාගේ නිෂ්පාදන වියදම රුපියල් 154 ක් බවත් රනිල් වික්‍රමසිංහ එය රුපියල් 100 ක් දක්වා බස්සා ඇතැයි චොද්නා කළ බවත් පුංචිරාළ රත්නායක මහතා කීය.
ගොවීන්ගේ සටන් සඟයාව සිටි නාමල් කරුණාරත්න ගොවියා ගෙදර සිටියත් බුලත්විට කනවා, තේ බොන නිසා එවැනි වියදම් වී මිලට එකතු කිරීම අසාධාරණ බව ද රත්නායක මහතා සඳහන් කළේය.