(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මගින් හිතුමතේ රටේ මුදල් නාස්ති කරන්න හැකියාවක් නොලැබෙන ලෙස විලංගු දැමීමක් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපි ආර්ථික ක්‍රියාකාරකම් ගැන ප්‍රායෝගික භාවිතාවක් හඳුන්වා දුන්නා.අපේ පහසුකම් අවම කර ගැනීමෙන් ආදර්ශයක්ද ලබා දුන්නා.දැන් තිරසර ආර්ථික දැක්මට ගැලපෙන ඉදිරි වසරේ අපේ ආර්ථික මූලෝපායන් ගැන අද ඉදිරිපත් කරනවා. ආර්ථික අවදානම් කළමනාකරණය කරන ආකාරයද අප ඉදිරිපත් කර තිබෙනවා. අපේ ක්‍රියාකාරීත්වය ගැන විලංගු දමා ගැනීමක් අප මෙහිදී කරනවා.ඒ කියන්නේ අපට ඕනෑ විදියට මුදල් නාස්ති කරන්න හැකියාවක් නැහැ.
2026 දී එන්න තියෙන අවදානම අපි දැන් දකිනවා. අපට සැලැස්මක් තියෙනවා.පළාත් පාලන ආයතන වල වියදම් වල සීමාවන් කොහොමද?කියා දක්වා තිබෙනවා. ඉතින් විපක්ෂ සතුටු වෙන්න ඕනේ. මේ පොත පෙරලා ගත්තම දැන් කොහෙද? යන්නේ කියලා විපක්ෂයට දැනගන්න පුළුවන් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
’’හිතුමතේ රටේ මුදල් නාස්තියට විලංගු දැම්මා’’
යෝගා Monday, 30 June 2025 04:05 PM
හාල්, පොල්, ලුණු ඇතුළු සියලු දේ පිටරටින් ගෙන්නලා වියදම් අඩු කළාලු. මොංගල්ද අනේ ඔයාට... ජනතාව තලා පෙලලා එකතු කරන බදු ඇරුණාම ගෙනාපු එක අලුත් ආදායමක් කියන්න...
අරවින්ද මොණරවිල Monday, 30 June 2025 04:50 PM
විපක්ෂයේ හොරුන්ට රිදෙන තරම පෙනෙනවා ඔවුන්ගේ දඩෝරියන් බුරන සද්දේ අනුව.