
දෙස් විදෙස් සංචාරකයින්ට ශීතල දේශගුණයේ අපූර්වත්වය සහ දිය ඇලි වල සුන්දරත්වය විඳ ගනිමින් දුම්රිය හෝටලයක නිවාඩුවක් ගත කළ හැකි නවමු අත්දැකීමක් ලබා දෙනු පිණිස “Odyssey Camper” නමින් හෝටලයක් නානුඔය දියඇලි පෙෙනන මානයේ ඉදිකෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසීය.
ධාවනයෙන් ඉවත් කෙරූ හයිඩ්‍රොලික් දුම්රිය එන්ජිමක්, පැරණි ඉන්දියානු දුම්රිය මැදිරි දෙකක් සහ දේශීයව නිපදවූ වානේ දුම්රිය මැදිරියක් යොදාගෙන ඉදිකොට ඇති මෙම අමුතු හෝටලය තව දින කිහිපයකින් ජනතාවට විවෘත වෙයි.
අතීතයේදී ශ්‍රී ලංකා රේල් පීලි මත ධාවනය වු පළමු ඩීසල්-හයිඩ්‍රොලික් දුම්රිය එන්ජිමක් බව කියන W1 එන්ජිම ස්ථාවර ලෙස නානුඔය ආසන්නයේ දර්ශනීය කලාපයක රඳවා මෙම කුඩා හෝටලය ඉදිකොට ඇත.
1969 දී ජර්මනියෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ එංජිම සමග නිමැවෙන මෙම අපුරු කුඩා හෝටලය දෙස් විදෙස් සංචාරයට පෙර නොවූ විරූ අත්දැකීමක් ලබාදීමට සමත්වෙනු ඇත. රැයක් ගත කළ හැකි එහි සුවපහසු කාමරය, King Size ඇඳකින්, හීටර් පහසුකම්වලින් සහ උණුවතුර පහසුකම් සහිත යාබද Bathroom එකකින් සමන්විතය.

Camper දුම්රිය හෝටලයේ රාත්‍රිය ගතකරන සංචාරකයින්ට නානුඔය දුම්රිය බංගලාවෙන් සැපයෙන ප්‍රණීත උදෑසන ආහාරවේලක් ද සුන්දර පරිසරයක සිට භුක්ති විඳීමට හැකි වෙනු ඇත.
එළිමහන් මැදිරියක්ද එහි ස්ථාපිතකොට ඇති අතර එම මැදිරියේ විවේකීව සිටීමට උද්‍යාන පුටු සවිකිරීමට නියමිතය. කඳුකර දර්ශන ගත කරමින් සැන්දෑව ගෙවාලිය හැකි පරිදි සකසා ඇති දුම්රිය අවන්හලේ එක් කාමරයක් රුපියල් 9500.00 කට ලබා දීමට සැලසුම්කර ඇත.
මධුසමය ගත කරන්නට Odyssey Camper විවෘත බව සඳහන් කළ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, මෙම දුම්රිය මැදිරි හෝටලය දුම්රිය ධාවනය නොවන පීල්ලක් මත ඉදිකොට ඇතැයි පැවසීය.
සංචාරක කර්මාන්තය ඔප් නැංවීමේ අරමුණින් ආරම්භ කරනු ලැබූ මෙම දුම්රිය හෝටලය සාර්ථක ලෙස පවත්වාගෙන ගෙන යා හැකි බව තමා විශ්වාස කරන බවත් මෙහි සාර්ථක අසාර්ථකභාවය සලකා බලමින් සචාරක කර්මාන්තය බහුලව සිදු කෙරෙන ප්‍රදේශ කරාද මෙම ව්‍යාපෘතිය රැගෙන යාමට ඉදිරියේදී බලාපොරොත්තු වෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අපූරු දුම්රිය හෝටලය නිර්මාණය කිරීමට මෙහෙයවීම සිදුකළ දුම්රිය අධිකාරි, ඉංජිනේරු (ව්‍යාපෘති හා සංවර්ධන) ජී. ඒ. ක්‍රිෂාන්ත පැවසූයේ, මෙම ව්‍යාපෘතිය එවකට නානුඔය දුම්රිය ස්ථානාධිපතිව හිටි ජනක වීරසිංහගේ සංකල්පයකට අනුව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගේ උපදෙස් මත සිදුකළ බවය. ධම්මික ජයසුන්දර පෙර අවස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාව සිටියදී ආරම්භ කළ බවත් හෙතෙම එවකට එම ධුරයෙන් ඉවත්වීමත් සමඟ මෙම දුම්රිය හෝටලය ඉදිකිරීම මන්දගාමී තත්ත්වයට පත්වූ බවද ඔහු පැවසීය.
යළි පත්වීමත් සමඟ මෙම ව්‍යාපෘතිය වඩා විධිමත්ව සහ ඵලදායි ලෙස කාර්යක්ෂමව සිදු කරන්නට අවස්ථාව සැලසුණු බව සඳහන් කළ ඉන්ජිනේරු ක්‍රිෂාන්ත, එය රත්මලාන කර්මාන්ත අංක 26 අධීක්ෂණ එච්.ජේ.ආර්. ෆොන්සේකා ප්‍රමුඛව කර්මාන්ත අංක 26, 25, 21 යන කර්මානතවල සේවක කණ්ඩායම් එකතුව සිදු කරනු ලැබූවක් බව පැවසීය.
රේඛා තරංගනී ෆොන්සේකා



