(රෝෂන් තුෂාර)
වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ පොලිස් රාජකාරියට බාධා කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇතුළු 15 දෙනාට එරෙහි විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් දෙසැම්බර් මස 8 වැනි දින ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (30) නියෝග කළාය.
මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කර සිටියේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා සඳහා යවා ඇති බවය.
2022 නොවැම්බර් 14 වැනි දින පොලිස් වසමේ රාජකාරියේ නිරතව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අන්දමින් වීදි නාට්‍යයක් පවත්වා මහජන පීඩාවන් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,චාන්දනී කුසුමලතා සහ සඳරුවනි රොද්‍රිගු, නයනා නිලන්ති, මනුනාථ ජයවීර, සිරෝමනී පියදර්ශනී,නිරූපා අයිරාංගනී, නිරූපා අතු කෝරළ වයි.ධනුෂිකා,පුෂ්පා රංජනී, දිනූෂා දීප්ති, අනුරාධා රාජිනී, ශ්‍රියා කුමාරී , එස් ලලිතා, තක්ශිලා නිකලස් අධිකරණයේ පෙනී සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාගේ උපදෙස් දෙසැම්බර් මස 08 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හිරුණිකාගේ නඩුව 08 වැනිදාට කල් යයි