(මනෝප්රිය ගුණසේකර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් කළ බවට හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ආයෝජන ප්‍රවර්ධන මණඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලක් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට අද (30) නියම කළේය.
වසර 11කට පෙර කළ මෙම වරද සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 05ක් යටතේ පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ශබ්ර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමටද තීරණය කළේය.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අමතරව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ ආයෝජන ප්‍රවර්ධන මණඩලයේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ ජයන්ත එදිරිසිංහ මහතාය.
2014 ඔක්තෝම්බර් පළමුවැනිදාත් දෙසැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළ රාජ්‍ය සේවකයින් වශයෙන් කටයුතු කරමින් රජයට පාඩු වනබව දනිමින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්රාප්තියේ හතරවැනි සංවත්සරය සැමරම වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් දැන්වීම් පළ කිමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව 2014 නොවැම්බර් 19 වැනිදා පළකළ සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් එකොළහක දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් 17,48,877/-ක පාඩු කිරීම ඇතුළු චෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ටට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අධිචෝදනා දුන් ලක්ෂමන්ට - ජයන්තට ඇප