විරුද්ධ විය යුතු කොන්දේසි තිබෙියැයි සිතන්නේ නෑ


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක් තිබෙනවා යැයි තමා සිතන්නේ නැතැයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තමා ජනාධිපති ලෙස සිටියදීත් ආණ්ඩුව වැඩ කළේ මූල්‍ය අරමුදල සමඟ බව කී හිටපු ජනාධිපතිවරයා එවිටත් එකඟ විය  නොහැකි කොන්දේසි පැමිණි නමුත් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එකඟ විය නොහැකි කොන්දේසි වෙනස් කරගත් බව කීය.

හරි ගමනක් යනවා නම් සහය දෙන්න ලෑස්ති බවද හෙට අනිද්දා ජනාධිපති වෙන්න ටයි කෝට් මහගෙන ඉන්න කට්ටියට වඩා රට ගැන කැක්කුමක් අපට තිබෙනවා යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.