විමල්ගේ ‘නවය සැඟවුණු කතාව’ කෘතිය එළිදක්වයි


(යොහාන් භාසුර)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ‘ගෝල්ෆෙස් අරගලය’ පිළිබඳව රචනා කළ ‘නවය සැඟවුණු කතාව’ කෘතිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද  පස්වරුවේ එළිදැක්වීය.

නිට්ටඹුවේදී පසුගිය වසරේ මැයි 9 වැනි පිරිසකගේ පහර කෑමට ලක්ව ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ පුතු රනිඳු චන්දුල අතුකෝරළ මහතාට සහ රඹුක්කන ජන කැරැල්ලේදී පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ චමින්ද ලක්‍ෂාන් මහතාගේ බිරිඳ ප්‍රියංගනී මහත්මියට සහ දියණිය පියුමි උදේෂිකා ලක්‍ෂානිට එහිදී විමල් වීරවංශ ප්‍රථමයෙන්ම ‘නවය සැඟවුණු කතාව’ කෘති ප්‍රදානය කළේය.

විමල් වීරවංශ මහතා ඉන් පසුව මහා සංඝරත්නයට සහ විශේෂ ආරාධිතයන්ට කෘතිය පිරිනැමීය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරු මෙහිදී ප්‍රධාන දේශන පැවැත්වූහ.

මෙම අවස්ථාවට ඩලස් අගහප්පෙරුම, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)