(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගංවතුර සහ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ගංවතුර බැස ගියාට පසුව ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම සිදු කරන බව රාජපක්ෂ ප්‍රකාශ කළේය..මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් මාවත මූලස්ථානයේදී පැවැත් වූ බව නාමල් රාජපක්ෂ පැවසීය.තවද මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනා සහභාගී වන ලෙස ඔහු ඉල්ලීමක කළේය.

