විපක්ෂය මැතිවරණ ඉල්ලන්නේ කොලොප්පමට


(අංජුල මහික වීරරත්න)

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක රටට සතුරු විනාශකාරී ගමනක්  නොයන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් පොදුජන පෙරමුණට නැතැයි අමාත්‍යවරයා කීය.

විපක්ෂ මවන බොරු බිල්ලන්ට බිය නොවී ආර්ථිකය ස්ථාවර කර රට දියුණු කිරීමට වර්තමාන රජයට සහය දක්වන ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්  මෙහෙයුම් කමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උඩුගම්පොළ,රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙය පැවැත්විණි.

විපක්ෂය මැතිවරණයක් ඉල්ලා කෑ ගහන්නේ විනෝදෙට බව කී අමාත්‍යවරයා  ඡන්දය දුන්නේ නැත්නම් කොළඹ වටලනවා කිව්ව විරෝධයකට ඇවිත් හිටියේ ඉතා සුළු පිරිසක් බව තමා රූපවාහිනියේ දුටු බවයි.