(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රූපවාහිනියේ උදේට පත්තරේ කියවන මාධ්‍යවේදීන් සහ විපක්ෂ නායකතුමා අතර වෙනසක් නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පත්තරේ කියවන අයත් මෙහෙම වුණොත් හොඳයි කියා කියන නමුත් වගකීමක් දුන්නොත් කරගන්න බැරි බවද විපක්ෂ නායක තුමාත් ඒ වගේම යැයිද කීය.
විපක්ෂ නායකට උපදෙස් දෙන්නේ නාලක ගොඩහේවා බව කී විජේසේකර මහතා ඒ උපදෙස් ගත්තොත් ගෝඨාභයට වෙච්ච දේ පක්ෂ නායකට ද වෙන බව සඳහන් කළේය.

