(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤවීදිය සර් ජේම්ස් පීරිස් මාවත මහල් නිවාස සංකීර්ණ එක පස්වන මාලයේ ඇති ඇවිදින්නේ මං තීරුවක් සහිත උද්‍යානයක් තුළ විදේශීය ජාතිකයකු සැකකටයුතු ලෙස වැටී මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
මියගිය අය සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය සනාථ වී නැත.
පොලිසියට ලද දුරකථන පණිවිඩයක් අනුව මළසිරුර සොයාගෙන ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කර මරණකරුගේ තොරතුරු අනාවරණය කරගන්නා තෙක් දේහය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බව පොලිසිය සඳහන් කරයි.
කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි

