විදෙස් රැකියා තොරතුරු -පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක


(විනීතා එම් ගමගේ )  

විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පැය 24පුරා ක්‍රියාත්මක  ක්ෂණික ඇමතුම් අංකයක් ලබා දි තිබේ.


ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකය ඇමතීමෙන් අදාල විස්තර හා සේවා ලබාගත හැකි  බව කාර්යාංශය කියයි.

මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වයිරසය (කොවිඩ් -19) හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන කාර්යාංශය විගමණික ප්‍රජාවට හා මහජනතාව වෙත මෙම පහසුකම සලස්වා තිබේ.

විදේශගත අයෙක් හෝ යම්.තොරතුරක් සඳහා මෙම අංකයෙන් විමසීම් කළ හැක.