විදෙස් දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි


 

(ටී.කේ.ජී.කපිල ) 

රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද(27 )  අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම ගුවන් මගීන් කොළඹ , අවිස්සාවේල්ල සහ මට්ටක්කුලිය ප්‍රදේශ වල පදිංච් අවුරුදු 24 , 28 සහ 30 වයස් වල පසුවන්නන් වේ .

ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 15 ක් තුළ , මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 300,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,503 ක් අත් අඩංගුවට ගෙන තිබුණි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති .