IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උසස් පෙළ සිසුවිය අභිරහස් ලෙස මිය ගිහින්

(කාංචන කුමාර ආරියදාස)

අද ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටි මට සූදානමින් සිටි දඹුල්ල ඉහළ ඇරෑවුල  ප්‍රදේශයේ පදිංචි  19 හැවිරිදි සිසුවියක   අභිරහස්ලෙස නිදි යහනේදීම මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇති සිසුවිය අද (10)  උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක බවද පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ  තරුෂි චමෝදි 19 නැමති දඹුල්ල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි   සිසුවියකි.

මෙම දියණිය ඊයේ( 09 ) සිය කාමරයේ සිටිමින් අධ්‍යාපන කටයුතු සිදු කර ඇති අතර පසු දින විභාගයට යාම සඳහා අවශ්‍යදෑද සුදානම් කර නින්දට ගොස් ඇතැත්, උදෑසන අවදි නොවීම පිළිබදව මව්පියන් සොයා බැලීමේදී  ඇය සිහිසුන්ව ඇති බව සිතා දඹුල්ල මූලික රෝහලට ඇතුළු කර තිබේ.

නමුත්   බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බැලීමේදී ඇය ඒ වන විටත් මියගොස් ඇති බව සනාථ කරගෙන ඇතැයි දඹුල්ල ‍පොලිසිය කියයි.

සිසුවියගේ මරණයට හේතුවක් තවමත් අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.

 



අදහස් (1)

උසස් පෙළ සිසුවිය අභිරහස් ලෙස මිය ගිහින්

Bunny Preena Monday, 10 November 2025 01:26 PM

බොහොම කනගාටුදායක පුවතක් එයා සහ එයාගේ දෙමාපියන් මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉදලා ඇතිද? පව් හදිස්සියේ ඇති වු හෘදයාබාධයක් වත්ද? දියණිය ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site