
(ෂේන් සෙනෙවිරත්න)
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී. ජයතිලක නැමැති 24 හැවිරිදි තරුණියකි.
ඇය එම විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබා දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගයක් සඳහා පාඩම් කරමින් සිටියදී එම අනතුරට මුහුණ දී තිබේ.
නාන කාමරයේ ඇද වැටීමෙන් ඇයගේ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් ඇති අතර ගලහා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාන කාමරයේ වැටුණු සරසවි සිසුවිය මරුට