
( රංජිත් රාජපක්ෂ )
දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවට චෝදනා කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් සහ නුවරඑළිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් අද (10 කටයුතු කර තිබේ.
ආනයනය කර ඇති ලුනු තොග සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකර ඇතැයිද ඔවුහු චෝදනා කරති.
මේ නිසාවෙන් දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිෂ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බවද වෙළදසැල් වසා දමමින් විරෝධතාවය දක්වන ව්‍යාපාරිකයෝ සහ ගොවීහු කියති.
අද නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුලු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකළ බවත්, නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් අද දෛනික කටයුතු වලින් ඉවත් වි සිටින බවද එම ව්‍යාපාරිකයන් කියා සිටියේය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.



2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා විරෝධයක