IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වකුගඩුවක් විකුණා මත්ද්‍රව්‍ය බීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වකුගඩුවක්ද විකුණා මත්ද්‍රව්‍ය  පානය  කළ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක්  පිටකොටුව හෙට්ටි වීදිය රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60 කට අධික රන් සහ රිදී භාණ්ඩ  සොරා ගැනීමට අදාලව  සීසී ටීවී දර්ශන 70 කට ආසන්න ප්‍රමාණයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.‍

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  1993 වර්ෂයේ  දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් 60 හැවිරිදි   තැනැත්තෙක් බව පොලිසිය සඳහන් කරයි. 

ෙසැකකරු එම වෙළඳසැලින් සොරා ගෙන තිබූ රන් ආභරණ වලින් පවුමක් බර රන් ආභරණ සහ රිදී ආභරණවලින් කිලෝ 3 කට ආසන්න ප්‍රමාණයක් බොරැල්ල සිරිසත උයන මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක වැසිකිළි පොච්චියක කුහරයක් තුළ සඟවා තිබියදී සැකකරු හෙළිකළ තොරතුරු මත පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඉකුත් මස 25 වැනිදින  සැකකරු රාත්‍රී කාලයේදී රන් අභරණ වෙළඳසැලේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වහලයෙන් වෙළඳ සැලට ඇතුළු වීම එහි අල්මාරි වල බහා තිබූ  රන් සහ රිදී දේපළ සොරාගෙන  පලා ගොස් තිබිණි.

 

 

 



අදහස් (0)

වකුගඩුවක් විකුණා මත්ද්‍රව්‍ය බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site