විදුලි බිලත් වැඩිවෙන ලකුණු


(යොහාන් භාසුර)

විදුලි ඒකක විශාල වශයෙන් භාවිතා වන කර්මාන්ත, හෝටල්වල්, නිවාසවලට සහ අනිකුත් ආයතනවල විදුලි බිල තුන් ගුණයකින් හෝ හතරගුණකින් ඉහළ යෑමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනයක් කඩිනමින් වියයුතු බවට යෝජනා කර ඇති බවත් ඉහළ විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කරන ආයතන කළ යුත්තේ සූර්ය පැනල සඳහා කඩිනමින් මාරුවීමෙන් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.