
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කාන්තාවක පැදවූ ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දහතුන් හැවිරිදි පාසල් සිසුවියක ඇතුළු සිව් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් කාන්තාවක මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර මොරවින්න කවිරාජ මාවතේ අංක 62 / 12 හි පදිංචි නන්දනී පියසීලි මානවඩු නමැති (51) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.
බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී කොට්ටාව දෙස සිට පොල්ගස්ඕවිට දෙසට යමින් සිටියදී පොල්ගස්ඕවිට දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රිරෝද රථය වට කිහිපයක් කැරකී මාර්ගයේ පසෙකට විසි වී පෙරළි ඇති අතර ඉන් ත්‍රීරෝද රථය පැදවූ කාන්තාව ඇතුළු සිව් දෙනා බරපතළ තුවාල ලබා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් කාන්තාව මෙසේ මිය ගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබූ 61 , 21 සහ 13 වයසේ පසුවන මව දියණිය සහ මියගිය කාන්තාවගේ දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .

