වැස්සෙන් 12,326ක් පීඩාවට


(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ රැසකට බල පෑ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක පවුල් 2,672 කට අයත් 12,326 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, මහනුවර, කළුතර, ගම්පහ, කොළඹ සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.

ඉන් පවුල් 57 කට අයත් 236 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 5 ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මෙම කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් එම දිස්ත්‍රික්වල නිවාස 66 කට අර්ධ හානි සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 2,448කට අයත් 8,517 දෙනකු පීඩාවට පත්ව සිටිති.