වැස්ස ගුවන් යානා පහක් ප්‍රමාද කරයි


(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපළ අවටට ඇද හැළුණු  තද වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව  තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගත්තේය.

මෙම ගුවන් යානා තුනෙහි සිටි මගීන් එම යාන‍ෙවලින් පිටතට බස්වා නොමැති අතර කාළගුණික තත්වය යහපත් මට්ටමට පැමිණීමෙන්  යළි කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණි තිබේ.

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන් යානා දෙකක් ප්‍රමාදවී තිබේ.