
(නිමල් ජයරත්න)
පොලොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඊයේ (14) රාත්‍රී පැමිණි වන අලින් දෙදෙනෙකු එම රෝහලේ නවතා තිබූ ගිලන් රථයකට පහරදී රෝහල තුල සැරිසැරීම හේතුවෙන් එම රෝහල් කටයුතු වලට බාධා සිදුව ඇති බව රෝගින් හා සේවකයින් පවසති.
ඊයේ (14) වෙනිදා රාත්‍රී 10 ත් 11 ත් අතර කාලයේ සෝමාවතිය රක්ෂිතයේ සිට මෙම වන අලි දෙදෙනා වැලිකන්ද රෝහලට පැමිණ ඇති බවත් එලෙස රෝහල පැමිණි වන අලි දෙදෙනාගෙන් එක් වන අලියෙකු වැලිකන්ද රෝහලේ රෝගීන් ප්‍රතිකාර සදහා ප්‍රවාහනය කරනු ලබන ගිලන් රථයකට පහරදී හානි කර ඇත.
වැලිකන්ද නගරයේ පිහිටි මෙම රෝහලට මෙලෙස වන අලි පැමිණිම රෝගීන්ගේ ජීවිතවලට මෙන්ම රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කටයුතු වලටද දැඩි තර්ජනයක් බවට රෝහල් සෞඛ්‍ය සේවකයින් හා රෝගීන් සදහන් කරති
වන අලි රෝහල් පරිශ්‍රයට හා වැලිකන්ද නගරයට පැමිණීම වලක්වා රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයින්ගේ හා රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙසට ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.


