
(ගයාන් සූරියආරච්චි)
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා තිබූ ස්ථාන මාරු ලේඛන දෙකක් නැවත හරහා එවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම ලේඛනවල ස්ථාන කීපයක් සංශෝධනය වියයුතු බව පවසා පොලිස් කොමිෂන් සභාව විසින් එය නැවත සංශෝධනය කර එවන ලෙස දන්වා ඇති බව ද පැවැසේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එවා තිබූ ලේඛන සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එවා තිබූ ලේඛන අතර පරස්පරවිරෝධීතාවක් ඇති බව පවසමින් පොලිස් කොමිෂන් සභාව එම ලේඛන හරවා යවා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
එම ලියවිලි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ස්ථානමාරු සම්බන්ධයෙන්ද ලියවිලි පවතින බව පැවැසේ.

