වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර  වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

ලද තොරතුරකට අනුව සැකකරු තිහගොඩ පොලිස් වසමේ අප රැක්ක අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයෙකි.