වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.

අනතුරීන් බරපතල අස්ථී බිදිමකට ලක්වු වනජීවි නියාමක කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයෙ සේවය කරනු ලබන අනුරාධ දිසානයක නැමති අයකු බව  පොලීසිය කියයි.

වනජීවි නිළධාරීයා නොච්චියාගම විල්පත්තුව ජාතික වන උද්‍යානය ආසන්නයෙ පිහිටි තම නිවසේ සිට යතුරු පැදියෙන් රැකියාව සදහා පැමිණ කරුවගස්වැව අඩවි වනජීවි කාර්යාලය දෙසට හැරවිමට යාමේදි අධික වේගයෙන් පැමින ඇති බෝලරෝ වර්ගයෙ කැබ් රථය වනජීවි නිළධාරීයාව අනතුරට ලක්කර පලා ගොස් ගොස් තිබු බව කියයි.

අනතුරට ලක්වු වනජීවි නියාමක වරයා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට අඩවි වනජීවි කාර්යාලයෙ නිළධාරීන් කටයුතු කර තිබුනී.

රෝහල් ගත කල වනජීවි නිළධාරීයාගේ වම් පාදය දරුණු බිදිමකට ලක්ව ඇති බවත් රෝහලේදි සැත්කමකට ලක් කිරීමටත් කටයුතු කර තිබු බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අනතුර සිදුකර පලා ගිය සැකකාර කැබ් රථ රියදුරා  ඊයේ (24)  දින කැබ් රථය සමග කරුවලගස්වැව පොලිසිය පැමිණ  භාර විමේන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .