
( සිතුම් චතුරංග)
ටිපර් රථයේ නැගී තරුණයින් දෙදෙනා ජලගැලීම් සහිත වට්ටකච්චි මාර්ගයේ ගමන් කරමින් සිටියදී පාලමක් කඩාගෙන ගොස් ටිපර් රථය ජලපහරට හසුව සිරවී ඇතැයි කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
පෙරේදා සවස සිට තරුණයින් බේරාගැනීම සඳහා යුද හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරීන් අවස්ථා කිහිපයකදී උත්සහ කළ අතර ජලය නිරන්තරයෙන් එම ප්‍රදේශයේ ඉහළයාම හේතුවෙන් එම උත්සහයන් ව්‍යර්ථ විය.
වට්ටකච්චි මාර්ගයේ පාලම් රැසක් හානිසිදුව ඇති අතර සහන සේවකයින් වෙත ටිපර් රථය සහිත ස්ථානයට ළගාවීමටද නොහැකිවී තිබේ.
අද උදෑසන යුද හමුදාවේ පිරිස් සහ ආපදා කළමනාකරණ ඒකකය සහ පොලිසිය එක්ව තරුණයින් දෙදෙනා බේරාගත් අතර නිරාහාරව සහ ජලය නොමැතිව සිටිම හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.


