(ප්‍රින්ස් රත්නායක)
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති කූරගල ඓතිහාසික පුද බිමප්‍රතිනිර්මාණය කිරීමේ පුරෝගාමී වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් රැසක් කූරගල පුදබිමේ දී සිදු කෙරුණි.
වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ තිස් පස් වැනි ජන්ම දිනය නිමිති කරගෙන මහා සංඝයා විෂයයෙහි දානමය පුණ්‍ය කර්මයක් සිදු කළ අතර සිවිල් ආරක්ෂක බළකායේ පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම , කූරගල ප්‍රදේශයේ පුද්ගලයකුට නිවසක් තනා දීම, පාසල් දරුවනට ඇස් කණ්නාඩි ලබාදීම සහ තන්ජංන් තැන්න විද්‍යාලයේ දරුවන් ට ක්‍රීඩාපිටියක් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක්සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ රත්නපුර දිස්ත්‍රික් ලේකම්මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මිහු ද, ප්‍රාදේශීය ලේකම්වරු, කල්තොට පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් සහභාගී වූහ.