
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මිනිසුන් විනෝදාස්වාදය සඳහා එක්රැස්වන ස්ථාන බහුතරය වසාදැමීමට කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මාර්තු 31 දක්වා සියලු සමාජශාලා, ආපනශාලා සහ මත්පැන් අලෙවිහල් වසාදැමීමට දැනුම් දී ඇත.
මීට අමතරව නිව්යෝර්ක්, ඔහියෝ, මැසචූසෙට්, වොෂින්ටන්, පෙනිසියුලා, ලාස්වේගාස් ප්‍රාන්තවල බලධාරීහු ද මහජනයා රැස් නොවන ආකාරයට කටයුතු සිදුවෙමින් ඇතිද යන්න සොයාබලමින් සිටිති.

