ලෙඩ ළදරුවන් තනිකර මව පියා වන්දනාවේ ගිහින්


(දිනේෂ් උපේන්ද්‍ර)

අවුරුදු අටක,පහක සහ 3  ළදරුවන් තිදෙනකු නිවසෙහි තනිකර බාරයක් ඔප්පුදීමට ශ්‍රීපාදයට ගිය බව කියන මව්පිය යුවළක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල එලතලව ප්‍රදේශයේ මා පිය යුවලකි.

119 පොලිස් හදිසි ඇමතුම් සේවයට ලද තොරතුරකට අනුව වහා එම නිවසට ගොස් තිබූ පොලිසියට දොරගුලු දමා තිබූ නිවසේ උණ රෝගයෙන් පෙළෙමින් සිටි බව කියන එම ළදරුවන් සොයාගන තිබිණ.

දරුවන් තිදෙනා එහිදී කඩිනමින් රෝහල් ගතකිරීමට පොලිසිය පියවරගෙන තිබිණි. පාන් බිස්කට් වර්ග ආදිය කෑමට නිවසේ තැන්පත් කර එම යුවල තවත් පිරිසක් සමගින් වන්දනාවේ ගොස් තිබී ඇත.

වන්දනාගමන නිමවී පැමිණි වහාම මාපියන් අත්අඩංගුවට ගෙන තිබූ අතර රෝහල් ගතව දැඩි සාංකාවෙන් පසුවන දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දරුවන්ගේ මව රඳවා ඇති බව රෝහල් ආරංචි කියයි.

එමෙන්ම රෝහල් ප්‍රකාශකයෙක් වැඩිදුර පැවසුවේ දරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි.