(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමට ලබන ජූලි මස 6 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සැපයීමට නොහැකි බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,500 බැගින් වන නෞකා දෙකක් ලබන ජූලි මස 5 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ ලැබීමට නියමිත බවත් එම ගෑස් නෞකා නියමිත පරිදි ලැබුණ හොත් 6 වැනි නැවත සැපයුම ආරම්භ කළ හැකි බවත් ඔහු කීය.
ලිට්‍රෝ සමාගම සතුව ගෑස් තොග නොමැතිවීමෙන් ගෘහස්ථ ගෑස් සැපයුම මේ මස 4 වැනිදා අත්හිටුවූ අතර මේ වන විට දින 22 ක් ගෘහස්ථ ගෑස් බෙදාහැර නොමැත.
ගෑස් බෙදාහැරීම නතර වී තිබුණ ද එම දින 22 තුළ ගෑස් අළෙවිසල් අසළ දිගු ගෑස් සිලින්ඩර පෝලිම් දැකිය හැකිය.