ලිට්‍රො ගෑස් ගණන් බස්සයි


(යොහාන් භාසුර)

ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල මෙම සතිය තුළ රුපියල් 100 කින් පමණ පහත දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

එම මිල පහත දැමීමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම්  2.3 ගෑස් සිලින්ඩර මිලද පහත වැටෙන බවත් එම මිල අඩු කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය