ලස්සන ජීවිතයක් දෙන්න ඇවිත් මිනිස්සු අසරණ කළා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න ජන වරම් තුනකුත් අරගෙන අද නිර්මාණය කර තියෙන්නේ දුක් විදින රටක් අසරණ ජීවිතයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු අයවැය  විවාදය අමතමින් පැවසීය.

"මේ අයවැය ගැන කතා කරන්න පෙර 2025 අයවැය ක්‍රියාත්මක කළේ කොහොමද කියා සොයා බලන්න ඕන.ඒ අයවැය යෝජනා වල මූල්‍ය ප්‍රගතිය සහ භෞතික ප්‍රගතිය ගැන මා ප්‍රශ්නයක් ඇහුවා. 

උත්තරේ දෙන්න කල් ඉල්ලුවා.පසුගිය  අයවැයෙන් පාසල් අධ්‍යාපනය නවීකරණය කරන්න මිලියන 500 ක් වෙන්කර තියෙනවා.එයින් දැනට පාවිච්චි කරලා තියෙන්නේ සීයට විස්සයි.උසස් ශ්‍රේණිගත විශ්වවිද්‍යාලයක පාඨමාලා හැදෑරීම සඳහා මිලියන 200ක ශිෂ්‍යත්ව දෙන බව කියා තිබුණා.එහි ප්‍රගතිය සීයයට 15යි.ඔට්ටම්  දරුවන් සඳහා දිවා සුරැකුම් අධ්‍යස්ථාන පිහිටුවීමට මිලියන 250ක් වෙන්කර තිබෙන නමුත් එහි ප්‍රගතිය සියයට 30යි.2025 අයවැයේ ප්‍රගතිය මේක නම් 2026 අයවැය  යෝජනා ගැන කවර කතාද? යනුවෙන් සජිත්  ප්‍රේමදාස මහතා කීය.