ලක්‍ෂ 19 ක් කොල්ලකෑවාට ජීවිතාන්තය දක්වා හිරේ


රොහාන් කුමාර    
                                       
කෑගල්ල බෝගල පතලේ ලක්ෂ 19 ක මුදලක් මංකොල්ල කෑ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට දසදහසක දඩයක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද( 12) නියම කළේය. 
           
මෙ ලෙස දඬුවම් නියම කෙරුණේ පිංදෙනිය අටාල පදිංචි සේනානායකගේ ඉන්දික රුවන් සේනානායක  නැමති  44 වියැති තිදරු පියෙකුටය.   
                                
2000  බෝගල මිණිරන් පතලේ සේවකයින් සඳහා පඩි ගෙවීමට තිබූ ලක්ෂ 19ක මුදල කොල්ල කා, ගිනි අවියක් පෙන්වා බියකර එහි ආරක්ෂක නිලධාරීන් බැඳ දමා එහි තිබූ ජීප් රථය පැහැරගෙන යාම සම්බන්ධයෙන් පිංදෙනිය පොලිසිය විසින් සැකකරුවන් 9ක් අත් අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කළේය.   

                                      
කෑගල්ල මහ අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ නඩුව විභාග කිරීමෙන් පසුව සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කර නොමැති හෙයින් සැකකරුවන් හත්දෙනකු නිදහස් කෙරිණි.     
                       
අටවන සැකකරුවන ගරාගොඩගේ කෝකිල පේමලාල් හෙවත් උපාලි  නමැති අයෙකු අධිකරණය මග ඇර ඇති අතර 9වන සැකකරු වැරදිකරු වීමෙන් පසුව ඔහුට මෙසේ  දඩ මුදලක් හා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණ විනිසුරුවරයා නියම කර ඇත.