
( ටී.කේ.ජී.කපිල )
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ද සමග , අද(24 ) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ
25 හැවිරිදි මොහු මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන්නෙකි .
ඔහු අද(24) අලුයම 12.10 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ෙමොහු මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන 27 දින , මොහු විසින් නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි ආනයනය කිරීම , සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

