( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් රිජිෆෝම් පෙට්ටි වල අසුරා රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මිනුවන්ගොඩ යකහපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
සැකකරු සමඟ කේරළ ගංජා කිලෝ 30 ග්‍රෑම් 673 ක් ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය සහ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත
ඉන්දියාවේ සිට රහසිගතව බෝට්ටු මගින් රැගෙන ආ කේරළ ගංජා තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරන බවට ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව පොලිස් පරීක්ෂක පි එන් දේශප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත
අත්අඩංගුවට පත් සැකකරු හා කේරල ගංජා තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය වෙත භාර දී ඇත
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

