(ටී.කේ.ජී.කපිල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් 20,000,000ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් කොළඹ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි නිෂ්පාදිත " ප්‍රයිඩ් " නැමැති දුම්වැටි ලක්ෂ 400,000 කි.
විදේශයක සිට පැමිණි නැවකින් කොළඹ වරාය වෙත ගෙනැවිත් ඇති මෙම දුම්වැටි තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ කොටුව විමලධර්ම ඔරලෝසු කුළුණ අසළ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබුණි.
ලොරි රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්වැටි තොගය ආනයනය කළ වත්තල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු කටයුතු කරමින් සිටිති.
(ඡායාරූපය - ටී.කේ.ජී.කපිල)
(ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)