(ඉන්දිකා රාමනායක)
හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කොටහේන ප්‍රජා ශාලාව අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු කොළඹ 12 මිරානියා විදියේ පදිංචි (40) හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සතුව හෙරොයින් කිලෝ 1යි, ග්‍රෑම් 5 යි, මිලිගෑම් 640 ක ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 120 ක් වන බව පොලිසිය පවසයි.
සැකකරු අද (7) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

