ලංගම රියැදුරට මුත්‍රා බෝතයෙන් ගැසූ බස් රියැදුරා මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දිවුලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරකුට  මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ දී ප්ලාස්ටික් බෝතලයකට මූත්‍රා පූරවා පහර දුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන පෞද්ගලික බස් රථ රියදුරා බීමතින් බසයක් ධාවනය කරද්දී කොළඹ වේල්ලවීදිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර පෞද්ගලික මගී බස් රථ රියදුරාබීමතින් සිටි ඇති බව ඊට අදාළව සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු විණි යැයි වේල්ල වීදිය පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් මෙම බස් රථ රියදුරා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන 9 වෙනිදා කොළඹ අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඔහු පොලිස් ඇප මත මුදා හරින ලදැයි ද පොලීසිය කියයි.

මිනුවන්ගොඩදී ලංගම බස් රථ රියදුරෙකුට මුත්‍රා ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම පෞද්ගලික බස් රථ රියදුරා මිනුවන්ගොඩ පොලිසියට අවශ්‍ය සිටින අයකු බව වේල්ල වීදිය පොලිසියේ නිලධාරීන් දැන සිට නොමැත.

බීමතින් පෞද්ගලික මගී බස් රථයක් පැදවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වේල්ල වීදිය පොලීසිය  පොලිස් ඇප මත මුදා හරින ලද මෙම රියදුරා ලංගම බස් රථ රියදුරකුට මුත්‍රා ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ලංගම බස් රථයේ රියදුරා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මෙම මුත්‍රා ප්‍රහාරයෙන්රියදුරු අසුනට යාබද අසුන්වල සිටි මගීන් කිහිප දෙනකුට වැදීමෙන් එම මගීන් දැඩි අපහසුතාවයට පත්වූ බවද පැවසේ.