(නිමන්ති රණසිංහ)
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (24) නියෝග කළේය.
නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් , ඒ හේතුවෙන් මෙම සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.