ලංකාවට ඕස්ට්‍රේලියාවේ අත හිත


(අංජුල මහික වීරරත්න)

ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (20) පැවසුවාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අතර සාකච්ඡාවක්  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ විදේශයන්හි ආයෝජන සඳහා විවෘත වන අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බවයි. 

මිනිස් ජාවාරම් නැවැත්වීමට ශ්‍රී ලංකා රජය සහ  ආරක්ෂක අංශ කැපවී සිටින බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව  ශ්‍රී ලංකාවට ගෙනයාමට හා ශ්‍රී ලංකාවෙි ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන බවයි