ලංකාව හා ඉන්දියාව ත්‍රස්ත තර්ජනවලට ලක්විය හැකි බව කියයි



 
( 125  )
 
‍ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉදිරියේ දී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි එන්.ඩී.ටී.වී ප්‍රවෘත්ති සේවය අද (20) වාර්තා කළේය.

ඉන්දීය බුද්ධි අංශය එරට පොලිස් ප්‍රධානීන් ලිපි තුනක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව එම මාධ්‍ය  වාර්තාවේ වැඩිදුරටත් සදහන් කරයි.

ඉරාකයේ සහ සිරියාවේ සිය බලය ගිලිහි යාමත් සමඟ අයි.එස් ත්‍රස්ත සංවිධානයේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බැවින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අයි.එස් සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බව ඉන්දීය බුද්ධි අංශ පෙන්වා දී ඇත.

බුද්ධි අංශ නිකුත් කර ඇති අදාළ ලිපි මඟින් ඉන්දියාවේ ප්‍රහාර එල්ල විය හැකි අවදානම් ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ද සඳහන් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 100 ක් පමණ පිරිසක් පසුගිය වසර කිහිපය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇත.

අයි.එස් සාමාජිකයින් රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා කේරල වෙරළාශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.