රියදුරු බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නෑ


(යොහාන් භාසුර)

අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් සපයන මාර්ගගත සේවාවේ සැපයීමේ ගැටලු ඇතිවිය හැකි බව මෝටර් රථ ප්‍රවාහනන දෙපාර්තමේන්තුව අද (30) පැවසීය.


වේරහැර ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලවල මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රීය වී නිසා එම කාර්යාලවලින් රියදුරුබලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයට පමණක් නිකුත් කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.