රැඳවුම් නියෝග


(නිමන්ති රණසිංහ)

රැඳවුම් නියෝග මත පොලීසිය භාරයේ රඳවා තබාගෙන සිටි සැකකාර පාතාල ක්‍රියාකාරීකයකුට වෙඩි වැදී මියයෑමේ සිද්ධියකට අදාළව අධිකරණයට භාරවූ අනුරාධපුර විලච්චිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතු`ථ පොලිස් නිලධාරීන් තිදෙනකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (21) නියෝග කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ පොලීසියේ නිලධාරීන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කර ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ කරන ලෙසට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව එම නිලධාරින් තිදෙනා අද (21) අධිකරණයට භාරවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර විලච්චිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද ඉලංගරත්න මලලසේකර, උප්පවේලි පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂක රුචිර චන්දිම සහ බඩල්ගම පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් (61074) දයාවංශ යන පොලිස් නිලධාරීන්ය.

පාතාල අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවකු වශයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අංක 119 /8, සිරිධම්ම මාවත, දෙමටගොඩ පදිංචිව සිටි සදුන් ලසිත කුමාර විතාන යන සැකකරු රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටියදී සැකකරු සගවා තිබූ ආයුධ සොයා ගැනීමට ගිය අවස්ථාවේදී එනම් ඉකුත් 2009 ජුලි මස 01 වැනිදා මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට කෙසෙල් වත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.