
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවැසීය
පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කළ බව කී අමාත්‍යවරයා එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සදහන් කළේය
මේ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යව්‍යශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇත.
කැබිනට් මණ්ඩලය විසින් පත්කර ලද අනුකමිටුවේ නිර්දේශ මත 226 දෙනඅකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහාද කටයුතු කරන බව අමාත්‍යවරයා කීය

