(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වරකාපොල පොලිස් වසමේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිවසට හොර රහසේ ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු ඇය දූෂණය කරපැළඳ සිටි රන් කරාබු ජෝඩුව ගලවා ගෙන පලාගොස් ඇතැයි වරකාපොල පොලිසිය පවසයි.
මීට අමතරව නිවසේ තිබූ ජංගම දුරකථනය ද එම නාඳුනන පුද්ගලයා විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
රාජ්‍ය නිලධාරිනිය විසින් මේ බව වරකාපොල පොලිසියට පැමිණිලි කර ඇත.
දූෂණයට ලක් වූයේ යැයි කියන මෙම රාජ්‍ය නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවද පොලිසිය කියයි.

