රවී-රන් මිල ඉහළ යාමට හේතුව කියයි


(අංජුල මහික වීරරත්න)

මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව දැනට පවතින බදු ක්‍රමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

වැට් සහ අනෙකුත් බදු එකතුව ද ඇතුළුව මෙරටට රන් ආනයනයේදී 47% ක බද්දක් පැනවෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.

 ඉන්දියාව -සිංගප්පූරුව ඇතුළු කලාපයේ අනෙක් රටවල් සමග සසඳා බැලිමේදී එය විශාල බදු අගයක් බව කරුණානායක මහතා කීය.

මීට පෙර ඉන්දියාවේ ද රන් ආනයනයේදී වැඩි බදු අය කිරීමක් සිදු කෙරුණ ද ජාවාරම් සහ වෙළඳපල පිළිබඳ සලකා බලා ඉන්දීය රජය එම බද්ද 6% ක් දක්වා අඩු කළ බව ද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එබැවින් අනිසි වියදමක් දැරීමකින් තොරව ගෙවිය හැකි බදු ප්‍රමාණයක් රත්‍රං ආනයනය සඳහා පැනවීමට බලධාරී අවධානය යොමු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.කරුණානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.