
(අංජුල මහික වීරරත්න)
කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී ඔසවා තැබු රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
වැටුණු ජාතියක් නැවත ගොඩ ගෙන ලෝකයත් සමඟ ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වූ බවද අබෙිවර්ධන මහතා කීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ වල බලමණ්ඩල රැස්වීම් අමතා වජිර අබෙිවර්ධන මහතා මෙි බව පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා මීට වසරකට ඉහතදී මුලුමනින්ම කඩාගෙන වැටුණු රටක් බාර ගෙන ලෝකයටම ආදර්ශයක් දෙමින් නැවත නිවැරදි මාර්ගයේ රට ගමන් කරවමින් තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.
මෙවැනි ආර්ථික අර්බුදයන්ට ලක්වූ ලෝකයේ වෙනත් රටවල් වලට තවමත් නිසියාකරයෙන් නැගිටින්න බැරි තත්ත්වයක තිබියදී ජනාධිපතිවරයාගේ හරි දැක්ම නිසා රට නැවත ඔසවා තබා තිබෙන බව අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

