
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටි බන්ධනාගාර නිලධාරීන් අට දෙනා ඊයේ කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
ඔවුන් එසේ පිටව ගොස් ඇත්තේ වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමෙන් අනතුරුවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නුලුපුලී ලංකපුර මෙනවිය ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත ඊයේ මුදා හැරියාය.
වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

