රනිල් ගැන දැනගන්න මෛත්‍රීට ඇතිවූ දොළ දුක


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයෙක් වත් නැතිව රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති වුනේ  කෙසේ දැයි දැනගන්නට කැමති බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 21)පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට යෝජනා කළේ කවුදැයි දැන ගන්න කැමති බව බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාව කළේ  ආණ්ඩුවෙන්ම ද එසේ නැතිනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කියා දැන ගන්න කැමති බවද සඳහන් කළේය.

 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ  සහ කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරුන්  අතර පාර්ලිමේන්තුවේ දී ඇති වූ වාදයක් අතරතුර  නැගී සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ප්‍රශ්නය මතු කළේය.