නාලක සංජීව දහනායක
මහාචාර්ය රත්නජීව හූල් මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයකුව සිටිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම පිළිබඳව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේදී කතා කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (14) පැවසීය.
මැතිවරණ කොමිසම තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමට මිස මැතිවරණ කල් දැමීමමට නොවන බව කී මන්ත‍්‍රීවරයා එම කොමිසම පෙනී සිටිය යුත්තේ ඡන්ද කල් දැමීමට නොව ඡන්ද පැවැත්වීමට යැයි ද කීය.
මැතිවරණ පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ පිරිස පිටුපස විදේශීය බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාත්මකව තිබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.